- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
නිසි වේලාවට රාජකාරී කටයුතු සඳහා වාර්තා නොකිරීම, ප්‍රකාශයට පත් කළ සමහර තීන්දු නිසියාකාරව සකස් කර නඩු ගොනුවට ඇතුළත් නොකිරීම හා රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමට අපොහොසත් වීම යනාදී තමන් වෙත එල්ල වී තිබූ චෝදනාවලට වරද පිළිගත් මතුගම මහේස්ත්‍රාත්වරිය සිය ඉල්ලා අස්වීම අධිකරණ සේවා කොමිෂන් සභාවට භාරදී අධිකරණ සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබේ.
මතුගම මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කර සුදුසු පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන එහි සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මහින්ද සමයවර්ධන යන මහත්වරුන් කළ නියෝගයක් අනුව එම කොමිෂන් සභාවේ ලේකම්වරයා හා ජේෂ්ඨ සහකාර ලේකම්වරයා මීට දින කීපයකට පෙර පෞද්ගලිකව එම අධිකරණය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබේ.
නඩු කටයුතුවලට පෙනී සිටින අයවලුන් ලෙස හඟවා අධිකරණ ශාලාව තුළට ගොස් වාඩි වී සිටිමින් කළ නිරීක්ෂණ අනුව එදින පෙරවරු දහය පසුවන තුරුත් මහේස්ත්‍රාත්වරිය අධිකරණයට නොපැමිනී බව තහවුරු කර ගැනීමට එම නිලධාරීන්ට හැකි වී තිබිණි.
තමන් කවුරුන් දැයි හෙළිකිරිමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනාට පෙර කී චෝදනාවලට අමතරව අධිකරණයට ලැබී තිබූ සමහර ලිපි දීර්ඝ කාලයක් තිස්සේ විවෘත කිරීමක් හෝ සිදුකර නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය ලබාගත් නිවාඩු 2024 වසරේ සිටම අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අනුමත කර ගැනීමක් සිදුකර නොමැති බවත් තහවුරු කර ගැනීමට හැකිවී තිබේ.
අධිකරණ කාර්යමණ්ඩලයේ අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ මහේස්ත්‍රාත්වරිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කැඳවා සිදු සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තමන් අතින් සිදු වූ වැරදි පිළිගෙන ඉල්ලා අස්විමේ ලිපිය භාරදීමට මහේස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබේ.
අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව අධිකරණ සේවය වඩාත් කාර්යක්ෂම කර මහජන හිතකාමී හා මහජන විශ්වාසය වෙන බවත් තහවුරු කරගෙන සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මෙන්ම යෝජනා සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු කරන ලෙසද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබිණි. එකී උපදෙස් අනුව ලැබී සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම විමර්ශන සිදුකර චෝදනා එල්ල වූ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන්, විනිසුරුවරුන්, පහළවකට අධික පිරිසක් ඔවුන් දැරූ තනතුරුවලින් පහකිරීමට හා ඔවුන්ගේ සේවය අත්විටුවීමට පසුගිය සති කිහිපය තුළදී අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි .
මීගමුව මහේස්ත්‍රාත්වරිය ලෙස සේවය කරමින් සිටියදී එල්ල වූ චෝදනාවලට වරදකාරිය කළ මෑතක් වනතුරුම කොළඹ අංක අට මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කර පසුව මාතර අතිරේක දිසාවිනිසුරු ලෙස මාරු කර යැවූ හේස්ත්‍රාත්වරියද වහාම සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය පසුගිය සිකුරාදා නිකුත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි. ඇගේ ක්‍රියා කලාපය අනුව ඇය තවදුරටත් අධිකරණ සේවය තබා ගැනීමට නුසුදුසු බව නිගමනය කළ අධිකරණ සේවා සභාව ඇයව සේවයෙන් ඉවත් කර තිබේ මේ අතර විවිධ චෝදනා එල්ල වූ මේ වන විට තාවකාලිකව සේවය අත්හිටුවා ඇති මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ විනිසුරුවරු කීප දෙනෙකු පිළිබඳව ද සිදු කරන විමර්ශනයද නුදුරේදී ආරම්භ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 7 hours ago
Nadee | 7 hours ago
Nadee | 7 hours ago
Nadee | 7 hours ago
ANadee | 7 hours ago
Nadee | 11 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 week ago