- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා" ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩුව අද (05) අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.
අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිඳු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබේ.
මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූණි.
අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද අධිකරණය නියම කළේය.
ඒ අනුව හරක් කටා නමැති විත්තිකරු රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
සෙසු විත්තිකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද විනිසුරුවරයා විසින් නියෝග කළේය.
ඉන් අනතුරුව නඩුව යළිත් සැප්තැම්බර් මස 24 වැනි දා කැඳවීමට අධිකරණය නියම කළේය.
මෙම සිද්ධියට අදාළව මීට පෙර නීතිපතිවරයා විසින් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර එම චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.
එම නඩුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබෙන බැවින් එම අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට විත්තිකරුවන් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදිය හැකි බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීම සඳහා මෝසමක් තමන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු දැනුම් දී තිබේ.
ඉන් අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය මීළඟ නඩු දිනයේ දැනුම්දෙන ලෙසත් විනිසුරුවරයා පාර්ශවකරුවන්ට නියෝග කළේය.
2023 වසරේ අප්‍රේල් මස පළවනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 10 වනදා අතර කාලසීමාව තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි හරක් කටා නැමැති විත්තිකරුට පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් එල්ලකරමින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින්දෙ 74 දෙනෙකුද නම් කර ඇත.
Note: We do not share your email for posting a comment.
Nadee | 19 hours ago
Nadee | 19 hours ago
Nadee | 21 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
ANadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 2 days ago
Nadee | 2 days ago