සබීතට නඩු.

සබීතට නඩු.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මුණ්ඩලය විසින් ප්‍රවීණ නිළි සබීතා පෙරේරා, ඇගේ සැමියාට සහ ඔවුන්ගේ ආයතනයකට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් ඊයේ (17 වැනිදා) පවරන ලදී.

රුපියල් ලක්ෂ 07 කට අධික අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති සෝමසිරි ඒකනායක විසින් මෙම නඩු දෙක අධිකරණය හමුවේ පවරා තිබේ.

එම නඩුකර දෙකේ විත්තිකරුවන් ලෙස අංක 286 ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පදිංචි ප්‍රවීණ නිළි සබීතා ජානකී පෙරේරා, ඇයගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ සහ ඔවුන්ගේ දෙමටගොඩ, බේස්ලයින් පාරේ පිහිටි පුද්ගලික ආයතනයක් නම්කර තිබිණි

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent

ප්‍රසන්නට ඇප.

Akila Nadee | 4 weeks ago