- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කරයි.
අරලග සමයේ ගිනි තැබූ රජයේ ඉඩමක ඉදිකර තිබූ නිවසකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් ඇති බව එම කොමිසම සඳහන් කරයි.
අරගල සමයේ ගිනි තැබූ සෙවනගල - කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ රජයේ ඉඩමකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා රජයේ වන්දි මුදල් ලබාගැනීමේ සිදුවීමකට අදාළව හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ එලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේදීය.
අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙනවිත් ඇති අතර, මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටියි.
අත්අඩංගුවට ගත් ශෂීන්ද්‍ර රාපක්ෂ මහතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් කර තිබේ. "ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022.05.09 වන දින ඇති වූ ජනතා අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, වන්දි ලබා ගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන් ම මෙම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳව 5(1) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත."
Note: We do not share your email for posting a comment.
Nadee | 19 hours ago
Nadee | 19 hours ago
Nadee | 21 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
ANadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 2 days ago
Nadee | 2 days ago