විමල් වීරවංශ තනිවෙයි. ශෂි වීරවංශ වසර දෙකක් හිරගෙදරට නියම වෙයි.

විමල් වීරවංශ තනිවෙයි. ශෂි වීරවංශ වසර දෙකක් හිරගෙදරට නියම වෙයි.

ශෂී වීරවංශගේ අභියාචනය කොළඹ මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ! වසර 2ක සිරදඬුවම ස්ථිරයි! 

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කර තිබේ.

 අධිකරණ තීන්දුව
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ, විත්තිකාරියට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර ලබා දී තිබූ තීන්දුව ස්ථිර කරන බවයි. මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ නීතිමය දෝශයක් හෝ අසාදාරනයක් නොමැති බවද එහිදී මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.  ඒ එම අභියාචනය සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභා කරන ලෙස නියෝග කලේය. 

 සිද්ධියේ පසුබිම
 පැරණි දඬුවම: ඉකුත් 2022 වසරේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අදාළ චෝදනාවට ශෂී වීරවංශ මහත්මිය වරදකාරිය කරමින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක (100,000) දඩයක් නියම කර තිබුණි.  

 විත්තිකාරියගේ ඉල්ලීම: එම සිරදඬුවමින් සහ දඩයෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇය විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත්, දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ මහාධිකරණය, මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නිවැරදි බව පවසමින් ඇයගේ අභියාචනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට අද දින පියවර ගත්තේය.

වැඩි විස්තර...

අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට නියම කෙරුණු වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ දඩයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.

ඒ අනුව, ඇයට මින් පෙර නියම වී තිබූ දඬුවම් එලෙසම ක්‍රියාත්මක වනු ඇත.

අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් ව්‍යාජ තොරතුරු මත අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ශෂී වීරවංශ මහත්මිය වරදකාරිය බවට කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් 2022 මැයි 27 වැනිදා තීන්දු කරන ලදී.

ඒ අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක (100,000) දඩයක් සහ දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිර දඬුවමක් නියම කෙරිණි.

එමෙන්ම, මෙම නීතිවිරෝධී ක්‍රියාවලියට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කළේය.

කෙසේ වෙතත්, එලෙස සිරදඬුවම් නියම වීමෙන් අනතුරුව, විත්තිකාරියගේ නීතිඥවරුන් විසින් එම තීන්දුව අභියෝගයට ලක් කරමින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය ඉදිරිපත් කිරීමේ පදනම මත, ඇයට ඇප ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුමක් ද ඉදිරිපත් කෙරිණි.

විත්තිකාරියට එරෙහිව වෙනත් පවතින නඩු හෝ පෙර වැරදි කිසිවක් නොමැති වීමත්, අභියාචනය විමසා බැලීමට විශාල කාලයක් ගතවීමත් යන කරුණු සුවිශේෂී තත්ත්වයන් ලෙස සලකා බලා, දඬුවම් නියම වී දින 4කට පසු (2022 මැයි 31 දින) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් ඇයට ඇප ලබා දෙන ලදී.

2015 ජනවාරි 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ආගමන හා විගාමන පනත යටතේ මෙම නඩුව පවරනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ, එක් දින සේවාව යටතේ මෙම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර තිබුණද විත්තිකාරිය එම කවුළුව වෙත හෝ නොගොස්, ඇමති බිරිඳක් ලෙස සිය නිල බලය අවභාවිත කරමින් වක්‍ර මාර්ගයෙන් අදාළ බලපත්‍රය ලබාගෙන ඇති බවයි.

එලෙස ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ කොළඹ මහාධිකරණය, අද (11) එම අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කිරීමත් සමඟම ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ලබා දී තිබූ සිරදඬුවම ස්ථිර වී තිබේ


Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent