- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
පාතාල මර්දන කටයුතු වලට දායකවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඩුබායි පාතාලයෙන් පසුගිය දිනවල මරණීය තර්ජන දුරකතන ඇමතුම් ලැබී ඇත.
පාතාලය මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උරණවී සිටින පාතාල පිරිසක් මෙම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාට වරින් වර දුරකථන ඇමතුම් ලබාගෙන මෙලෙස තර්ජනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම තර්ජන සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස්පතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් තමා පෞද්ගලිකවම කරුණු විමසූ බවද ඔහු සඳහන් කළේය.
ඩුබායි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට කැඳවාගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතුද කරගෙන යන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරන් අලස් මහතාටද ඩුබායි සිටින පාතාලයකු පසුගියදා දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබිණ.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago