- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කළේය
සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා කොළඹ මහාධිකරණ හමුවේ තවත් අපෙක්ෂිත ඇප අයැදුම්පතක් ගොනු කර තිබේ. එහි තීන්දුව ලබන සැප්තැම්බර් 01 වැනිදා නිකුත් කිරීමට නියමිතයි.
එවැනි පසුබිමක මෙසේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය.
"ස්වාමීනී කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කොට පිරිසිදු කර ඒවා වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සමාගමක් විසින් 2012 වසරේ මැයි මස 19 වනදා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එසේ ඉවත් කරන වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ධීවර වරාය නීතිගත සංස්ථාවට ගෙවීමටත් එම සමාගම එකඟ වී තිබෙනවා. මෙම යෝජනාව අදාළ සමාගම ඉදිරිපත් කර තිබෙන්නේ එවක ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට. මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පෙර එය මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවක් හරහා අනුමැතිය ලබාගත යුතුයි. නමුත් එවැනි අනුමැතියක් ලබා නොගෙන මෙම පෙත්සම ඉදිරිපත් කරන හිටපු අමාත්‍යවරයාගේ නියෝගයකට අනුවයි ධීවර වරාය නීතිගත සංස්ථාව එය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. එසේම මෙය වැලි සම්බන්ධ කටයුත්තක් නිසා මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගත යුතුයි. එහෙත් එවැනි වාර්තාවක් ලබා ගෙන නැහැ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් අනුමැතිය ලබාගෙන නැහැ. මෙලෙස අනීතික ආකාරයෙන් තමයි මේ ව්‍යාපෘතිය සැකකාර රාජිත සේනාරත්න මහතා විසින් සිදු කර තිබෙන්නේ. පසුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ සමාගමට වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඔවුන්ට එම කටයුතු කරගෙන යාමට ධීවර වරාය සංස්ථාව සතුව තිබූ "වැලිගෝව්වා" නමැති නෞකාවත් ඔවුන්ට ලබාදීමට සිදු වුණා. මෙම කරුණට අදාළව අදාල කොරියානු සමාගමෙන් වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව සැකකරු තමන්ගේ ඇප ඉල්ලීමේ සඳහන් කර තිබෙනවා. ඒ නඩු පැවරීම සිද්ධ කරලා තිබෙන්නේ වැලිගොව්වා නෞකාවට සිදු වූ හානිය වෙනුවෙන් පමණයි. එම නඩුවෙන් වන්දි ලෙස ඉල්ලා තිබෙන්නේ රුපියල් මිලියන 15ක මුදලක්. එහෙත් එම නෞකාවට සිදුවූ සැබෑ හානිය රුපියල් මිලියන 26ක් පමණ වෙනවා. සමස්තයක් වශයෙන් මේ ව්‍යාපෘතිය තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුවෙලා තිබෙනවා. දැන් ඔහු ඉන්න තැනක් සෙයා ගන්නත් නෑ." යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජිත සේනාරත්න මහතාට දැනුම් දුන්නද ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් කොමිසමට නොපැමිණ මඟ හරිමින් කටයුතු කරන බව කියා සිටියාය.
වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ බව පැවසුවත් එය විධිමත් වෛද්‍ය වාර්තාවක් නොව බෙහෙත් තුන්ඩුවක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මොහු හිතාමතාම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බැවින් මෙම අපේක්ෂිත ඇප පෙත්සම ප්‍රතික්ෂේප කොට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කළේය.
Note: We do not share your email for posting a comment.
Nadee | 19 hours ago
Nadee | 19 hours ago
Nadee | 21 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
ANadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 2 days ago
Nadee | 2 days ago