- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
කිරින්ද ධිවර වාරයේ වැලි කැනිම් ව්‍යාපෘතියේ දුෂන චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර, තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව කැඳවු අවස්ථාවේදී එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ තමන්ට ලැබුණු තොරතුරු මත අධිකරණය හමුවේ පෙනී සිටින බවත් අධිකරණය විසින් නිකුත් කළ නොතිසි නිසා ආකාරව මේ දක්වා නොලැබුනු බවයි.
එහිදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එය මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේය. එමෙන්ම අදාල වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට අවශ්‍ය ලේඛන කාර්යාලයට ලබා දුන්නත් යම් කිසි අතපසුවීමක් සිදු වි ඇති නම් ඉදිරියේ දී එය නිවරැදි කර නැවත නොතිසි නිකුත් කිරීමට කටයුතු කරන බවද අධිකරණයට දැනුම් දුන්නේ ය.
නිසිපරිදි නොතිසි ලැබි නැතත් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් සිය ප්‍රතිශෝධන අයදුම්පත සලකා බලන මෙන් ඉල්ලා සිටියේය.
කෙසේ නමුත් මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දුන්නේ වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසි ලැබි නැති හෙයින් ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලිමේ හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව එම ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් 01 වැනිදා කැඳවීමට නියෝග කළාය.
එමෙන්ම සියලු වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසී නිකුත් කරන ලෙස ද නියෝග කළාය.
Note: We do not share your email for posting a comment.
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago