- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
ඉකුත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් තොග සම්මත මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා නිකුත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි.
පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු තිස් දෙදෙනෙකු නම් කර තිබේ.
මෙම පෙත්සම අද (01) ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලනු ලැබීය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය. රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2000 වසරේ දී තිබෙන නියෝගයකට පටහැනි ලෙස ලංකා පොස්පේට් සමාගම විසින් පොස්පේට් තොග ලබාගැනීම සිදුකරන බව සඳහන් කළේය.
එමෙන්ම ලෝක වෙළඳ පොලේ පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් සඳහා නියමිත මිලට වඩා ඉතාම අඩු මිලකට පොස්පේට් තොග තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා ලබාදීමට වග උත්තරකරුවන් කටයුතු කළ බවත් ඔහු චෝදනා කළේය.
මේ තුළින් රජයටත්, මහජනතාවටත් විශාල ආර්ථිකමය පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු චෝදනා කළේය.
මෙම ක්‍රියාවලියේදී විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ චාමර සම්පත් දසනායක හිටපු අමාත්‍යවරයා පොස්පේට් නිකුත් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් සිදු කර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මාර්තු මසට 09 වැනිදා විභාගයට ගැනීමටද දින නියම කළේය.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 7 hours ago
Nadee | 7 hours ago
Nadee | 7 hours ago
Nadee | 7 hours ago
ANadee | 7 hours ago
Nadee | 11 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 week ago