- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 161ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළාය.
නියෝගය නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ රෝග වාර්තා පිළිගත හැකි බවයි. එබැවින් තම අධිකරණය එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප මත මුදා හැරිමට තීරණය කල බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සියලු රෝග සම්බන්ධ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය. හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් ඇති බව එහිදී ජනාධිපති නිතිඥවරයා පෙන්වා දුන්නේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කළේය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
ඊට අදාල රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා විරුද්ධත්වය පැවේය.
හිටපු ජනාධිපති රනිල්ගේ එංගලන්ත සංචාරයේදී කිසිදු රාජ්‍ය නායකයෙක් හමුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරීස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් පැවසීය.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වන සමන් ඒකනායක මහතා ප්‍රකාශයක් ලබා දෙමින් මින් පෙර පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවේකයක් ලබා ගැනීම සඳහා ගිය බව තමන් සිතන බවයි.
එහිදී කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ තිලක් මාරපන මහතා සඳහන් කළේ
ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නෑති බව සඳහන් කර ඇති බවයි.
ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවය.
එමෙන්ම මේ සම්බන්ධව සිදුකළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
"ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුනෙ සුම් තාක්ෂණය ඔස්සේය.
නඩුව ආරම්භ කිරීමට පෙර සිටම "රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස" ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ විරෝධතාවක නිරත විය.
එහිදී විරෝධතාකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් පොලිස නිලධාරීයකු තුවාල ලැබීය.
රනිල් වික්‍රමසිංහ මහතාට සහය වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු සමගි ජන බගවේගයේ මන්ත්‍රීවරු සහ සාගල රත්නායක , වජිර අබේවර්ධන , අකිල විරාජ්, නිමල් ලන්සා, ඇතුලු විශාල පිරාසක් අධිකරණයට පැමිණ සිටියහ.
Note: We do not share your email for posting a comment.
Nadee | 19 hours ago
Nadee | 19 hours ago
Nadee | 21 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
ANadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 2 days ago
Nadee | 2 days ago