- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
පසුගිය 26 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබියදී අධිකරණය ඉදිරිපිටදී පැවැති උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සජබ හිටපු නාගරික මන්ත්‍රිවරයා ලබන සැප්තැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා අද
(8) නියෝග කළේය.
කොම්පඤ්ඤවීදය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී පැමිණිල්ල විසින් සැකකරු හදුනාගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැති බවත්, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට ඇති බවත් පොලීසිය අධිකරණය කියා සිටි අතර සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.
තම සේවා දායකයා කිසිදු පහරදීමක් සිදු නොකළ බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට කරුණු දක්වමින් කියා සිටි අතර ඒ බව සනාථ කිරිමට ඔහු පහරදුන්නේ පොලිසියට නොව තමන්ට බව යූ ටියුබ් කරුවෙක් විසින් ප්‍රකාශයක් සිදු කරමින් උඩුගත කළ විඩියෝවක් පෙන්වමින් නීතීඥ මඩුල්ල අධිකරණයට කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
තම සේවා දායකයා සාමාකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බවත් ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් නිතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉදිරි දින සලකා බැලීමටත් එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.
Note: We do not share your email for posting a comment.
Nadee | 17 hours ago
Nadee | 17 hours ago
Nadee | 19 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
ANadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 2 days ago
Nadee | 2 days ago