රනිල්ගේ කාලයේ මෙන් දෙගුණයක මෙම වසරේ සහල් ආනයන කරලා..- මහ බැංකු වාර්තාව

රනිල්ගේ කාලයේ මෙන් දෙගුණයක මෙම වසරේ සහල් ආනයන කරලා..- මහ බැංකු වාර්තාව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 58.1 ක මුදලක් වැය වී තිබේ.

මෙය 2024 වසරේ එම කාල සීමාව තුළ සහල් ආනයනය සඳහා වැය වූ අමෙරිකානු ඩොලර් මිලියන 28.6 හා සසඳන විට, ඩොලර් මිලියන 29.5 ක සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරයි.

එනම්, ගතවූ වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහේ දී සහල් ආනයනය සඳහා දෙගුණයකටත් වඩා වැඩි මුදලක් වැය වී ඇති බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent