- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
අනීතික ලෙස මිලියන 73 ආසන්න මුදලක් උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 25 වැනි දා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා අද (15) නියෝග කළේය.
ඒ නඩු කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට අදාලව සි.එස්.එන් නාලිකාව සතු භාණ්ඩ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති අතර ඒවා පරික්ෂා කිරීමට විත්තියේ නීතිඥවරුන්ට අවසර දෙන ලෙස ද එහිදී විනිසුරුවරයා නියෝග කළේ ය. ඒ සම්බන්ධයෙන් සියලුම නඩු භාණ්ඩ පරික්ෂා කිරීමට නැවත නඩුව නොවැම්බර් 19 වැනිදා කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය .
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago