මීගමුව වැල්ලේ සිටි බෙල්ජියම් තරුණියකට මුස්ලිම් තරුණයකු අතවර කරයි.

මීගමුව වැල්ලේ සිටි බෙල්ජියම් තරුණියකට මුස්ලිම් තරුණයකු අතවර කරයි.

මීගමුව සංචාරක හෝටල් කලාපය තුළ  පයින් ගමන් කරමින් සිටි 25 හැවිරිදි  බෙල්ජියම් ජාතික සංචාරක කාන්තාවකගේ ශරිරය සහ පියයුරු ස්පර්ශ කර  ලිංගික අතවරයක් සිදුකල පුද්ගලයෙකුව, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි කොන්දේසි කිහිපයක් යටතේ  ඇප මත මුදා හරියි.


 ශ්‍රී ලංකාවට සංචාරය පිණිස පැමිණෙන බොහෝ සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස සැලකෙන මීගමුව සහ මීගමු සංචාරක කලාපය නැරඹිමටත් ,එහි නවාතැන් ගැනීමටත් පැමිණෙන තරුණ විදේශීය සංචාරක කාන්තාවන් ඉලක්ක කරගෙන මේ ආකාරයේ  ලිංගික අතවරයන් සහ ලිංගික අඩම්තේට්ටම් සිදුවන බව බොහෝ හෝටල් වලින් මීගමුව මූලස්ථාන පොලිසියටත්, මීගමුව සංචාරක පොලිසියටත්  කිහිප වතාවකදීම පැමිණිලි ලැබී තිබුණු බව  පොලිසිය සඳහන් කරයි. මෙි සම්බන්ධයෙන් විමර්ශනය කළ මීගමුව, ඒත්තුකාල සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයකොඩි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක පීරිස්, පොලිස් සැරයන් ගුණරත්න සහ පොලිස් කොස්තාපල් හේරත් යන  පොලිස් නිලධාරින් විසින් මේ අනුව මෙම සැකකරුවකුව අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු පොලිසිය සඳහන් කළේ රාත්‍රි කාලයේ  දී විදේශීය කාන්තාවන් බොහෝ දෙනෙකු මෙවැනි අත්දැකීම් වට මුහුන දුන් බවට පැමිණිලි ලැබි ඇති බවයි.


ඒ අනුව මෙම සිදුවීමට මුහුණ දුන් බෙල්ජියම් ජාතික තරුණිය සහ ඇගේ මිතුරියක්  ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිමකරමින් ගුවන් ගතවීමට දින කිහිපයකට පෙරාතුව මීගමුව සංචාරක කලාපයට පැමිණ තිබූ අතර  පසුගිය 24 වැනි දින  රාත්‍රි 9.30 ට පමන මීගමු සංචාරක හෝටල් කලාපයේ සංචාරය කර ආපසු ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයට පයින් ගමන් කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබේ . ඒ අනුව එදින රාත්‍රී 9.30 ත් 9.45 අතර කාලයේදී , මෙම සිදුවීම සිදුවූ මොහොතේම ලද  පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ මීගමුව සංචාරක පොලිසියේ නිලධාරීන් යතුරුපැදියකින් පලා යමින් සිටි එම සැකකාර තරුණයාව ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබිණි. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මිනුවන්ගොඩ, නැගෙනහිර ගල්ඔලුව ,තක්කියා පාරේ පදිංචි  23 හැවිරිදි අවිවාහකයෙකු වු මොහාමඩ් රාජන් මොහාමඩ් උස්මාන් නැමැති මීගමුවේ ජංගම දුරකථන අලෙවි සැලක සේවය කරන තරුණයෙකි. මොහු සතුව "යමහා එෆ්.ඉසෙඩ්"  (YAMAHA- FZ) වර්ගයේ  යතුරුපැදියක් ඇති බවත් කාලයක් තිස්සේ මොහු මෙවැනි ක්‍රියා වල නිරත වී ඇතැයි සැක පළ කරන බවද පොලිසිය පවසයි. ඒ අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඉකුත් 25 වැනි දින   මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කර ඇති අතර එහිදී මීගමුව ප්‍රධාන  මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා  එම සැකකරුව පසුගිය ජුලි 28 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.


 ඒ අනුව මීගමුව, මූලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති එන්.එස්.හසීම් මහත්මියගේ උපදෙස් පරිදි එම කාර්යාංශයේ ප්‍රසන්න සහ ගමගේ යනු පොලිස් කොස්තාපල්වරු දෙදෙනා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටි මෙම සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය ජුලි 28 වැනි දින  ඉදිරිපත් කර තිබිණි. දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තියට අනුව එනම් කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකිරීම යන චෝදනාව යටතේ මෙම සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබිණි.


ඒ අනුව මෙම සැකකාර තරුණයා වෙනුවෙන් එනම් විත්තිය පාර්ශවයෙන් පෙනී සිටි නීතිඥයින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම ඉල්ලීමට විරුද්ධ වී තිබිණි. කෙසේ වෙතත් මෙම සැකකරු වෙනුවෙන් පෙනී සිටි, විත්තියේ නීතිඥයින් ඉල්ලා සිටියේ මෙම තැනැත්තා නුදුරේදීම විවාහ වීමට සූදානම්ව සිටින හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කර ඔහුව ඇප මත නිදහස් කරන ලෙසයි. ඒ අනුව දැඩි කොන්දේසි කිහිපයකට යටත්ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02 ක් යටතේ මෙම සැකකරුව ඇප මත මුදා හැරිණි.
තවද මෙම සැකකරුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා ඇති අතර සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරු 9.00 ත් මධ්‍යාහන 12.00 අතර කාලය තුළ මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට පැමිණ ඒ පිළිබඳව වාර්තා කරන ලෙසත් නියෝග කර තිබේ. එමෙන්ම මෙම සැකකාර තරුණයා සමග අත්අඩංගුවට ගත් ඔහුගේ  යතුරුපැදියද  තවදුරටත් පොලිසිය භාරයේ පවතී.


 මෙම සැකකාර තරුණයා හෙවත් විත්තිය වෙනුවෙන් නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා ඇතුළුව සිව් දෙනකුගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර මෙහි වැඩිදුර විභාගය එළඹෙන අගෝස්තු මස 25 වැනි දින පැවැත්වීමට නියමිතයි.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent