- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
ඇමරිකාවේ, නෙවාඩා ප්‍රාන්තයේ, ලස්- වේගාස් නගරයේදී 41 වැනි වරට පවත්වනු ලැබූ, 2026 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරඟයෙන්, ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස සහභාගි වූ මීගමුව කැපුම්ගොඩ, සබිනා. ටී යූසෆ් මහත්මිය , 60 කට අධික විවාහක රූ රැජිණියන් අතරින් තෙවන ස්ථානය ජයග්‍රහණය කර තිබේ. පසුගිය 29 වැනි දින රාත්‍රී එනම් මෙරට වේලාවෙන් අද උදෑසන දී (30/01/2026) පවත්වනු ලැබූ මෙම තරඟයයේදී සබීනා ටී. යුසෆ් මහත්මිය " මිසිස් ෆොටෝ ජෙනික් 2026 ( MRS. PHOTOGENIC 2026 ) අංශයේ දෙවන ස්ථානය ද ජයග්‍රහණය කර ඇත.
ඒ අනුව මෙම තරඟයේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ තරඟය පවත්වන , සත්කාරක රට වන ඇමරිකාවෙන් සහභාගි වූ විවාහක රූ රැජිණටයි. මෙම තරගයේදී 2026 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවේ, තායිලන්තය නියෝජනය කරමින් තරගයට සහභාගි වූ විවාහක රූ රැජිණයි.
තවමත් 25 වැනි වියේ පසුවන සබිනා ටී යූසප් මහත්මිය මීගමුව කැපුම්ගොඩ අංක 267/4 ස්ථානයේ පිහිට් ඇගේ නිවසේ පදිංචිව සිටී.
දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස 2000 වසරේ මාර්තු මස 03 වෙනි දින උපන් ඇයට තවත් එක් බාල සොහොයුරක සිටි. ඇගේ පියා ඩෙන්මාර්ක් ජාතික යෙන්ස් ත්‍රෝසන් මහතා ඉංජිනේරුවරයෙක් වන අතර ඔහු මේ වන විට ඔහුගේම ඉංජිනේරු සේවා සපයන ව්‍යාපාරයක නිරත වේ. එලෙසම ඇයගේ මව වන මිහිඳුකුලසූරිය සුනේත්‍රා (සුනේත්‍රා ත්‍රෝසන්) මහත්මිය මීගමුව කැපුම්ගොඩ ග්‍රාමයේ අයෙකි. සබීනාගේ අත ගත් ඇගේ ආදරණීය සැමියා වන සැකරියා යූසෆ් මුස්ලිම් සම්භවයකින් හෙබි, ඩෙන්මාර්ක් ජාතිකයෙක් වන අතර ඔහු එරට ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
සබිනා යුසෆ් දැනට ඩෙන්මාර්ක් හි ද පදිංචිව සිටී. ඇය ද්විත්ව පුරවැසි ලාභියෙකු ( Dual Citizens ) වන අතර ඩෙන්මාර්කයේ පදිංචිව සිටියත් ඇය ශ්‍රී ලංකාවට මහත් සේ ඇලුම් කරයි.
සබිනා ටී යූසෆ් මහත්මියට පසුගියදා මීගමුව සංචාරක සංගමය (NTA) මගින් , මීගමු පුරවරයේ සංචාරක ප්‍රවර්ධන තානාපති ධූරයක් ද පිරිනමන ලද අතර එය මීගමුව ඉතිහාසය තුල මෙතෙක් මේ ආකාරයෙන් සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා තානාපති ධූරයක් පිරිනැමූ ප්‍රථම අවස්ථාවද විය.
ඒ අනුව 41 වැනි වරට පවත්වනු ලැබූ ලෝක විවාහක රූ රැජිණ තරඟයෙන් තෙවන ස්ථානය ජය ගනිමින් මීගමුවට පමණක් නොව ශ්‍රී ලංකාවටම මහත් කීර්තියක් සහ අභිමානයක් ගෙන ආ සබිනා ටී. යුසෆ් මහත්මිය එළඹෙන 02 දා (02/02/2026) මෙරටට පැමිණීමට නියමිතව ඇත.
සටහන.-
තුෂාර රොහාන් ප්‍රනාන්දු
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 4 days ago
Akila Nadee | 4 days ago
Akila Nadee | 1 week ago
Akila Nadee | 1 week ago
Akila Nadee | 1 week ago
Akila Nadee | 1 week ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago