- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
අල්ලස් කොමිසම තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක.එස් බෝදරගම විසින් ඒ නියෝගය අද (14) නිකුත් කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ නියෝගය පිටු 15කින් සමන්විත වන බවයි.
එහි අවසන් පිටුව කියවමින් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අල්ලස් කොමිසම විසින් තමන්ව ද්වේෂ සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පෙත්සම්කාර මනුෂ්‍ය නානායක්කාර ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි බවයි.
ඒ අනුව අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. ඉන් අනතුරුව මනුෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවා දායකයා හෙට දින අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි.
ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවත් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය අපේක්ෂිත ඇප පෙත්සමේ සඳහන් කර තිබිණි.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
Note: We do not share your email for posting a comment.
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago