- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ ඇතුළු පවුලේ සෙසු ඥාතීන් කොළඹ අපරාධ කොට්ඨාශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ප්‍රකාශ වල පරස්පරතාවයක් පැවතීම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු කරගෙන යාමට දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දී ඊයේ (23) නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ය.
සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ කරුණු දක්වමින් සොලිස්ටර් ජනරාල්වරිය මේ බව පැවසුවාය.
එම විමර්ශන කටයුතුවලට ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් බන්ධනාගාරගත කර සිටින සැකකාරියගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වලිය අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.
ඒ අනුව ලබන 25 දින සිට නොවැම්බර් 1 දින දක්වා කාලය තුළදී එම කාර්යයට සහයෝගය ලබා දෙන ලෙස සැකකාරියට සහ බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණයෙන් නියම කෙරිණි.
තවද සැකකාරියගේ ජංගම දුරකථන වාර්තා සහ වට්සැප් හරහා ලබා ගෙන තිබෙන දුරකථන වාර්තා, දුරකථන එමි අංක පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් සැකකරුට ඇප ලබා දුන්නොත් අධිකරණයට නැවත ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් දක්නට ලැබෙන බව මෙසේ කරුණු දක්වමින් සඳහන් කළාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත්
" ස්වාමීනි මෙම සිද්ධියට අදාළ සැකකාරිය රටින් පිටව යෑමට පෙර මෙම සැකකාරියගේ වැඩිමහල් දරුවාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් වවුනියාව ආගමන විගමන කාර්යාලයෙන් සාදා විදෙස්ගත වීම සම්බන්ධයෙන් වවුනියා අධිකරණයේ නඩුවක් පවතිනවා. මෙම සැකකාරිය රටින් පිටව ගොස් රතු නිවේදන ලැබූ අපරාධකරුවන් සමග සිටියදී තමයි ලංකාවට රැගෙන ආවේ. ඇප ලබා දුන්නොත් ස්වාමීනී මෙම සැකකාරිය නැවත අධිකරණයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවනවා."
“ස්වාමීනී මෙම සැකකාරියට, මැයගේ සහෝදරිය, පියා ඇතුළු මැයගේ ඥාතීන්ට අයත් ගිණුම් 36 පමණ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. එම ගිණුම් තුළින් මිලියන 147කට අධික මුදලක් සංසරණය වී තිබෙනවා.
"මෙම ගිණුම් තුළ ටෝටල් එමවුන්ට් නෑ ස්වාමීනී. නමුත් විශාල ගණන් වලින් මුදල් සංසරණය වීම් සිදුවෙලා. මෙම මුදල් කවුරුන් විසින් කුමන අරමුණකින්, කුමක් සඳහා අදාල ගිණුම් වලට බැර කර තිබෙනවාද කියා විමර්ශනය කල යුතුයි. "
“ස්වාමීනී, මෙම සැකකාරිය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාලව මේ වනවිට ප්‍රකාශ 13ක් පමණ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව ඒ අනුව සැකකාරිය සම්බන්ධව අකාර දෙකකින් විමර්ශනය සිදු කරනවා. එක් විමර්ශනයක් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ පුළුල්ව සිදු කරමින් පවතිනවා. ස්වාමීනී සැකකාරිය ශ්‍රී ලංකාව හැර යාමට පෙර භාවිත කල දුරකථන පිළිබඳ මෙම විමර්ශනය සිදු කරනවා. එම දුරකථනය අපට සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සැකකාරියගේ ඊමේල් ලිපිනය මඟින් අදාල ඩේටා ලබා ගැනීමට කටයුතු සිදුකරමින් තිබෙනවා ස්වාමීනී. ඒ වගේම ස්වාමීනී සැකකාරිය සැකකාරියගේ සැමියා, පියා විමර්ශනයන්ට අදාලව ලබා දෙන ප්‍රකාශයන් එකිනෙට පරස්පරයි. ඒ කියන්නේ ස්වාමීනී මැයගේ පියාත්, සැමියාත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබෙන කරුණු හා බස්නාමිර පළාත් උතරු අපරාධ කොට්ඨාසය හමුවේ දී ප්‍රකාශ ලබා දී පවසා තිබෙන කරුණු එකිනෙකට පරස්පරයි ස්වාමීනී.
"මේ නිසාම ස්වාමීනී මේ විමර්ශනය බොහෝම සංකීර්ණ වෙලා. එම නිසා ස්වාමීනී විමර්ශන සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වෙනවා. විමර්ශන සඳහා සුදුසු කාලයක් ලබා දෙමින් සැකකරිය යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනී. "
එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්මාල් රත්නායක සැකකාරිය වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළේය.
නීතීඥ ලක්මාල් රත්නායක
"මේ වනතෙක් ඉදිරිපත් කළ බී වාර්තා මඟින් සැකකාරියට ඇති චෝදනා සම්බන්ධව පැහැදිලි කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කරලා නෑ. විමර්ශන නිළධාරීන් මෙම සැකකාරියට ඇති චෝදනා සම්බන්ධ නිශ්චිත කරුණු දැක්වීමක් තවමත් අධිකරණය හමුවේ සිදුකර නෑ. විමර්ශන නිළධාරීන් මෙම අධිකරණ බල සීමාවට අයත් නොවන මෙම සැකකාරිය සැකකාරියක් ලෙස හෝ නම් කර නැති නඩුවකට අදාලව කරුණු දක්වමින් සැකකරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙන ඉල්ලා සිටිනවා. එමනිසා ස්වාමීනී, කරුණු සලකා බලා සුදුසු ඕනෑම ඇප කොන්දේසියක් මත සැකකාරිය මුදා හරින ලෙස මම ඉල්ලා සිටිනවා ස්වාමීනී."
ඒ අවස්ථාවේදී සැකකාරියට ඇප ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය දැක්වූවේ ය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්
“ ස්වාමිනි මෙම සැකකාරිට ඇප ලබා දීමට විරුද්ධද්ධ වෙනවා. ස්වාමීනී සැකකාරිය මත්ද්‍රව්‍ය ඡාවාරම් සිදුකළා කියලා කියන්න ඇසින් දුටු අය නෑ. මෙයා ගාව කුඩු පැකට් එකක් තිබ්බා කියලා කියන්න කවුරුත් නෑ. ඒ නිසා ස්වාමීනී මේ විමර්ශන් සිදු කිරීම සංකීර්ණ කාර්යයක්. ඒ සඳහා යම් කාලය අවශ්‍යයි.මේ සැකකාරිය රතු නිවේදන නිකුත්ව සිටි පුද්ගලයන් ඇසුරේ සිට අත්අඩංගුවට ගෙන රැගෙන ආවේ. ඒ වගේම සැකකාරිය විරුද්ධව පැහැදිලි සාක්ෂි නැති බවට සිදු කරන ප්‍රකාශය පැමිණිල්ල බැහැර කරනවා. සැකකාරිය යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනයා ස්වාමීනී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ඔක්තෝබර් 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරමින් එදිනට ඇප නියෝග ප්‍රකාශ කිරීමට ද නියම කළේය.
Note: We do not share your email for posting a comment.
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago