බන්ධනාගාරගතව ඉන්න ලන්සාට ගෙදරින් බත් කන්න අවසර.

බන්ධනාගාරගතව ඉන්න ලන්සාට ගෙදරින් බත් කන්න අවසර.

ඉකුත් 29 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාට සිය නිවසින් කෑම ගෙන්වා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ. 

එසේ අවසර ලබා දී ඇත්තේ ඔහු කළ ඉල්ලිමක් අනුවය.

29 වැනිදා සිද්ධිය :- 

ගිනි අවි අඥා පනත යටතට ගැනෙන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන හිටපු අමාත්‍ය නිමල් ලන්සා සහා හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන දෙදෙනා ලබන සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කරයි.


 2006 මාර්තු 08 වැනිදා මීගමුව නගර සභාවේ හිටපු උප නගරාධිපති වන රුද්‍රිගුගේ සුනිල් විල්බට් සිල්වා යන අයගේ නිවසට රාත්‍රියේ සිය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමග ඇතුල් වී වෙඩි තැබීම, ලක්ෂ 28ක දේපල හා රන් භාණ්ඩ  මංකොල්ල කෑම ඇතුළු ගිනි අවි අඥා පනතේ 26 වන වගන්තිය යටතේ ඇප ලබා දීමට නොහැකි වරදක් සිදු කර ඇති බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත් ලබන සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


 එහිදී සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් ගොනු කරමින් ප්‍රධාන පොලිස් පරික්ෂක විල්ලෝරා ආරච්චි මහතා කරුණු දක්වමින් සඳහන් කළේ 2006.03.08 දින රාත්‍රි 10.30ට පමණ ජොසප් මයිකල් පේරේරා මාවතේ නිවසකට ඇතුළු වී දේපල මංකොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති අතර එම නඩුව සඳහා  (28 වැනිදා ) නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු බවත් අනුව නිමල් ලන්සා සහ බන්දුල නාඔටුන්න යන පුද්ගලයන් දෙදෙනා  අත තුවක්කු තිබු බව සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි මත පෙනී යන බැවින් ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව මේ පුද්ගලයන් ⁣දෙදෙනා අද උදැසන කොච්චිකඩේ පොලිසියට පැමිණි බවත් එහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් පරික්ෂකවරයා සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ ගිනි අවි අඥා පනතේ 26 වෙනි වගන්තිය ප්‍රකාරව වරදවල් සිදුව ඇති බවත් තව දුරටත් විමර්ශන සිදු වන බැවින් සාක්ෂිකරුවන්ට බලපැම් සිදු විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි.
 එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ ඒකී ගිනිඅවි සොයාගෙන ඇතිද යන්නයි. ඊට පිලිතුරු දෙමින් පොලිස් පරික්ෂක වරයා සඳහන් කළේ එම ගිනි අවි හෝ මංකොල්ල කෑ භාණ්ඩ සොයාගෙන නැති බවයි.
එහිදී සැකකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ මේය දේශපාලන පලිගැනීමක් බවත්, මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ මෙම සැකකරුවන් දෙදෙනා පොලිසියේ සිටි බවට එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා දුන් වාර්තාවක සඳහන් කර ඇති බවයි. එහිදී නීතිඥ වරයා එම සටහන ඇතුළත් වාක්‍ය විවෘත අධිකරණයේදී උපුටා දැක්වීය.
එහිදී පැමිණිලිකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම පැමිණිලිකරු සහ විත්තිකරුවන් ඒකල පක්ෂ දෙකකින් මැතිවරණ සඳහා ඉදිරිපත් වු බවත් මේ වන විට ඔවුන් හොඳ මිතුරන් බැවින් මෙම නඩුව සමථයකට පත් කරගැනීමට දැනට ඔස්ට්‍රේලියාවේ ජිවත් වන පැමිණිලිකරු මහකොමසාරිස් කාර්යාලය හරහා දිවුරුම් ප්‍රකාශයක් එවා ඇති බවයි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ එලෙස සමථයකට පත් වන්නට යන්නේ වසර 19ක් ගතවන තුරු යුක්තිය ඉටු නොවීම පිළිබඳව කලකිරීමෙන් බව තම අධිකරණයට හැගී යන බවයි, එමෙන්ම වසර ගණනාවකට පසුව වුවද මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු විම සම්බන්ධයෙන් තම අධිකරණය සලකා බලන  බවයි.  එමෙන්ම මෙහිදී වරදක් සිදු කර ඇති බව තම අධිකරණයට පෙනී යන බවත් එබැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත් ලබන 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය. එමෙන්ම නීතිපතිවරයාට උඩෘත යැවීම සඳහා කඩිනමින් විමර්ශන අවසන් කර විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝ කළේය.
වෛද්‍ය ප්‍රතිකාර සහ බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent