නාමල් කේන්තියෙන් පසුවෙයි.

නාමල් කේන්තියෙන් පසුවෙයි.

පසුගියදා ඇතිවුණු ආපදා තත්වය රටට දැනුම් දුන් පුද්ගල‍යින්ට හෝ මාධ්‍ය ආයතනවලට දඬුවම් කිරීමට ආන්ඩුව ගන්න උත්සහය සහ සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියා සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් අතර ඇතිව තිබෙනා ගැටුම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ සිය අදහස් දැක්වීය .

“ අපි දැක්කා පහුගිය දිනක මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගංජා හේනක් වවලා තිබ්බා. හැබැයි ගංජා හේන අල්ලන්න ගියපු පොලිසියේ නිලධාරියට පහර දුන්නා. අනිත් එක්කෙනාව ස්ථාන මාරු කරා. පහර දීලා ගුටි කාපු කෙනා හිරේ ගිහිල්ලා තියෙනවා. දැන් ගුටි කාපු කෙනා හිරේ. ගහපු කෙනා එළියේ. ගංජා හේනේ අයිතිකාරයත් එළියේ. අල්ලපු නිලධාරියා හිරේ. ගහපු මන්ත්‍රීත් එළියේ.

හැබැයි ඒ පිළිබඳව රටට ලෝකෙට දැනුවත් කරා කියලා මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. පොලිසියේ පොලිස්පතිවරයටත් ලැජ්ජ නැහැ තමන්ගේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා දම්මලම මේ කාරණය පිළිබඳව රටට කියන්න. මොකද මේ හංදියක් හංදියක් ගානේ වෙඩි තියලා මනුස්ස ජීවිත නැති කරනවා සංවිධානාත්මක අපරාධකරුවාන්. ඒවා හොයන්න වෙලා නෑ. අනිත් පැත්තෙන් පොලිසියේ ගෞරවය ආරක්ෂා කරන පොලිස් නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කරන පොලිස්පතිවරයා හෝ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා මැදිහත් වෙන්නේ නෑ.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට නැත්නම් ජේ.වී.පී එකේ මාධ්‍ය ප්‍රකාශවරයා බවට පොලිස්පතිවරයා සහ පොලිසිය මාධ්‍ය ප්‍රකාශවරයා පත්වෙලා තියෙනවා .

මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලවා ඒ පිළිබඳව රටට දැනුම්දෙනවා . පොලිස්පතිවරයාටත් ලැජ්ජාවක් නැද්ද . පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශවරයා නොවේ.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent