දේශබන්දු එලවනවාට මං විරුද්ධයි. නාමල් පාර්ලිමේන්තුවේ දී කියයි.

දේශබන්දු එලවනවාට මං විරුද්ධයි. නාමල් පාර්ලිමේන්තුවේ දී කියයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කරන යෝජනාවට විරුද්ධව තමන් ඡන්දය භාවිතා කරන බවයි.

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු විවාදයේදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මිනිත්තු 15ක පමණ කාලයක් සිය අදහස් ප්‍රකාශ කළා.

එදා හිටපු දේශපාලකයන්ගේ වුවමණා ඉටුකරන්න ගිහින් තමයි අද දේශබන්දු බිලිබෝයි වෙලා තියෙන්නේ. අද දේශපාලන අධිකාරිය බේරිලා යැයි කියමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

''පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත්කරන යෝජනාවත් එක්ක අපි ඉන්නවා. ඔහු පොලිස්පති කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට 2024 දෙවැනි මාසේ 24 වැනිදා එම යෝජනාව කළාම ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම් දෙන්නාම එතුමා පත්කරන්න එපා කියලා ඡන්දය දුන්නා. ඒ වගේම තමයි එදා හිටපු ආණ්ඩුව නීති විරෝධීව සම්මත කරගෙන එතුමාව පත්කළේ. ඊට පස්සෙත් සමගි ජනබලවේගය හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එතුමාට විරුද්ධව තහනම් නියෝගයක් ගත්තා. ඒ නිසා තමයි දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිකම අහිමි වුණේ. සමගි ජනබලවේගය හැටියට අපට පුළුවන් වුණා ඒ නිවැරදි තීරණය ගන්න. ඒ නිසා අපට පුළුවන් වෙලා තියෙනවා දේශබන්දු තෙන්නකෝන් තනතුරට ගෙන ඒම නීති විරෝධී විතරක් නෙවේ ඔහු ගැන තිබෙන චෝදනාවලට අපි එරෙහි වුණා. හැම දේටම උසාවි ගිය ඔබ තුමන්ලා දේශබන්දු තෙන්නකෝන් ඉවත්කරන්න උසාවි ගියේ නෑ. ඒකට හේතුව එදා ඩීල් තිබුණා. පරීක්ෂණ වාර්තාවේ තියෙන්නේ w -15 හෝටලයේ සිද්ධිය විතරයි. කෝ පාස්කු ප්‍රහාරයේදී බෝම්බ ලොරිය ගැලනිගමින් නැවැත්තුවාම නිදහස් කරන්න කියලා අණ දුන්නේ දේශබන්දු කියන චෝදනාව. ඒ චෝදනාව නෑනේ. පුපුරණ ද්‍රව්‍ය පානදුරට ගෙනගිය කතාව නෑ. එදා හිටපු දේශපාලකයන්ගේ වුවමණා ඉටුකරන්න ගිහින් තමයි අද දේශබන්දු බිලිබෝයි වෙලා තියෙන්නේ. දේශපාලන අධිකාරිය බේරිලා. ඒ දේශපාලන අධිකාරියත් හොයන්න ඕනෑ. දේශබන්දුට එරෙහිව උසාවි ගියේ සජබෙ. එදා අනුර-විජිත-හරිනි උසාවි ගියාද? නෑ. ඔබතුමාලා යන්නෙත් දේශබන්දු සිස්ටම් එකටම තමයි බොරුවට ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ පෙන්වන්න එපා'' යනුවෙන් පැවසුවා.


Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent