ඩේසි ආච්චිට ඩිමෙන්ශියාව - නීතිඥවරයා අධිකරණයට කියයි.

ඩේසි ආච්චිට ඩිමෙන්ශියාව - නීතිඥවරයා අධිකරණයට කියයි.

අයථා ලෙස උපයාගත් මුදලින්   රුපියල් ලක්ෂ 596කට අධික වටිනාකමක් ඇති ඉඩම් ඇතුළු දේපල මිලදී ගැනීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝශිත රාජපක්ෂ මහතාට සහ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට  පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එකී දෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු උදෙශ් රණතුංග මහතාට දැනුම් දුන්නේ    
අදාළ නඩුව සඳහා ඩේසි ෆොරස්ට් නැමැත්තියගෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. එම කාන්තාව වයස අවුරුදු 98 හැවිරිදි තැනැත්තියක වන බැවින් ඇය අතීතය අමතක වන ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන බවයි.  

එමෙන්ම  එම  නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු තවත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාමද පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඒ අදාල නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

 

මෙම නඩුව  කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී විත්තිකාර ඩේසි ෆොටෝස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායිකාව ඩිමෙන්ශියා සහ ඇල්සයිම යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත් ප්‍රකාශ කළේය.

සිය සේවා දායකාව වයස අවුරුදු 98 ක වයෝවෘද්ධ තැනැත්තියක් වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

වර්තමානයේ ඇයට තිබෙන මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

2017 වසරේ මාර්තු 17 වනදා ගංගොඩවිල දිසා අධිකරණයෙන්ද සිය සේවාදායිකාවට ඇගේ පුද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නැති බැවින් ඇයගේ සහ ඇයගේ දේපල භාරකාරීත්වය වෙනත් අයකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරා පෙන්වා දුන්නේය.

අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර එම රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරු විසින් දැනුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මේ බව කියා සිටිාය්ය.

විත්තිකාරිය වයස අවුරුදු 98 ක තැනැත්තියක් වන අතර ඇයට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව පැමිණිල්ලට පිළිගත හැකි වුවත් දිසා අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම අධිකරණය කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.

ඒ පිළිබඳව මෙම අධිකරණයට යළි කරුණු සලකා බැලීමට හැකියාව තිබෙන බවත් මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් යළි වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අවශ්‍යදැයි සලකා බැලිය යුතු බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ඒ සඳහා කාලය අවශ්‍ය බවත් පැවසිය.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම වෛද්‍ය වාර්තාව වසර අටකින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ඇයි දැයි විමසිය.

මෙම නඩුකරය මුලින් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර මෙවැනි වැදගත් ලේඛනයක් එම අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයිදැයි ප්‍රශ්න කළ මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබු නිසා අදාල ලේඛනය එම අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ බවත් සඳහන් කළේය.

මෙවැනි ලේඛනයක් මහේස්ත්‍රාත් අධිකරණයට විත්තිය විසින් ඉදිරිපත් කළේදැයි අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විනිසුරුවරයා විමසූ අතර ඔවුන් සඳහන් කළේ එවැනි ලේඛනයක් ඉදිරිපත් නොවූ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා දෙවෙනි විත්තිකාරිය පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන 26 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent

ප්‍රසන්නට ඇප.

Akila Nadee | 4 weeks ago