- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කැකැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුන එහි විත්තිකාරිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අඅධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළාය.
මෙම නඩුවේ විභාගය පසුගිය ජූලි මස 31 වනදා කැඳවීමට නියමිතව තිබු නමුත්
එදිනට විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාට වෙනත් නඩු කටයුත්තක් පවතින බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කියා සිටියේ මෙම නඩුවේ විභාගය අවස්ථා තුනකදී කල් දැමුනු බවයි.
ඒ අනුව සාක්ෂි විභාගය සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නඩු විභාගය අගෝස්තු 21 සිදු කිරීමට දින නියම කළාය.
නමුත් ඒ දිනයේදී ද විත්තිකාර ඩයනා ගමගේ අධිකරණය මගහැරිිය බැවින් එසේ වරෙන්තු නිකුත් කෙරිණි.
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩු ගොනු කර තිබේ.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago