- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මපා බණ්ඩාර මහතා නියෝග කරයි.
අද (08) නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු පෙනී සිටි අතර හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක මහතා ඉදිරිපත් කළ අතර එකී කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුගේ රෝග තත්ත්වය සනාථ කිරිම සඳහා වෛද්‍ය වාර්තා වල මුල් පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඉන් අනතුරුව සාක්ෂි විභාගය දෙසැම්බර් 12 වැනිදා දක්වා කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට පැමිණි සාක්ෂිකරුවන්ට එදිනට නැවත පැමිණෙන ලෙස ද නියෝග කළේ ය. ම සිදු කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
Note: We do not share your email for posting a comment.
Nadee | 17 hours ago
Nadee | 17 hours ago
Nadee | 19 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
ANadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 2 days ago
Nadee | 2 days ago