- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0029VbBQ6C877
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 3 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ, 18 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක අධිචෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිවය.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම විශේෂ අභියාචනා පෙත්සම, ගරු ජගත් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ ගරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
වගඋත්තරකාර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයට දන්වා සිටියේ, තෙන්නකෝන් මහතා රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඇවිදීමට පවා අපහසු බවය.
පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩුවට අදාළව, 1999 වසරේ මාතලේ දඹුල්ගමුව ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
කෙසේ වෙතත්, එම අධිචෝදනා පත්‍රයට එරෙහිව තෙන්නකෝන් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය, එම අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බවට තීන්දු කරමින් 2020 වසරේදී එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලදී.
අභියාචනාධිකරණයේ මෙම තීන්දුව නීතියට පටහැනි නියෝගයක් බැවින් එය බලරහිත කරන ලෙස නීතිපතිවරයා සිය විශේෂ අභියාචනා පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
Note: We do not share your email for posting a comment.
Admin | 5 days ago
Admin | 5 days ago
Admin | 1 week ago
Admin jnjkn | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago