- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
පාර්ලිමේන්තුව තුළ ඊයේ දින(23) , හොල්මන්, අවතාර සහ ඉත්තෑවන් පිළිබඳව සිදු වු කතාබස්වලින් රසවත් තත්ත්වයක් මතුවුණා.
පාර්ලිමේන්තුවේදී විවාදයට ගත්තේ කල්තැබීමේ යෝජනාවක්.
එය ආණ්ඩු විසින් ඉදිරිපත් කළේ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහ පාතාලය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග පිළිබඳවයි.
මෙහිදී උණුසුම් වාද විවාද ඇතිවුණේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයත් සමගම ඊට අදාළව සිදුවූ කතාබස් හේතුවෙන්.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
විශේෂයෙන්ම සභාපතිවරයා මැරයෙක් වශයෙන් හැඳින්වීම ගැන ඔහු කණගාටුව පළ කළා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවයි.
විශේෂයෙන්ම මෙම පාතාල අපරාධ මැඩලීමට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවලට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් බිය වී සිටින බවද ඇමැතිවරයා පෙන්වා දුන්නා.
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සහ ආනන්ද විජේපාල අමාත්‍යවරයා අතරද උණුසුම් කතාබහක් ඇතිවුණා.
ආනන්ද විජේපාල අමාත්‍යවරයාට චෝදනා කරමින් චාමර සම්පත් ප්‍රකාශ කළේ ආනන්ද විජේපාල අමාත්‍යවරයා පොලිස් සේවයෙන් ඉවත් කර ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ තමා පෞද්ගලික හේතුවක් මත පොලීසියෙන් ඉල්ලා අස්වූ බවයි.
ඉන් අනතුරුව විවිධ නම් ගැන කතා කරමින් දෙදෙන අතර යම්කිසි උණුසුම්කාරී වචන හුවමාරුවක් ද සිදුවුණා.
මෙහිදී චාමර සම්පත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන් ඝාතනය කිරීමට ආණ්ඩුවට වුවමනාවක් තිබෙන බවයි.
තමන් ඝාතනය කළහොත් අවතාරයක්, හොල්මනක් වී හෝ ආනන්ද විජේපාල අමාත්‍යවරයා පසුපස පැමිණෙන බවද චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළා.
තම ආණ්ඩුවට අවශ්‍ය කිසිවෙකු ඝාතනය කිරීමට නොව ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළා.
චාමර සම්පත් මන්ත්‍රීවරයා කරපු චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ආනන්ද විජේපාල අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විවාදය ඵක්වෙමින් ප්‍රකාශ කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමහර ආසනවල ඉත්තෑවන් සිටින බවයි.
ඊට හේතු වශයෙන් ඔහු කියා සිටියේ සමහරුන් කතා කරනවිට පුටුවල ඉත්තෑවන් සිටිනවාද කියා සාධාරණ සැකයක් මතුවන බවයි.
චාමර සම්පත් මන්ත්‍රීවරයාට හොල්මනක් නොවන ලෙසටද ඔහු ඉල්ලීමක් කළා.
Note: We do not share your email for posting a comment.
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 3 days ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago
Nadee | 1 week ago