චමරි අතපත්තුට ICC දඬුවම්..

චමරි අතපත්තුට ICC දඬුවම්..

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් නියම කර ඇත.

ඒ ඇය දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පැවති තරගයේදී චර්යා ධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම මතයි.

චමරි අතපත්තුගේ විනය වාර්තාවට එනිසා එක් අගෞරව ලකුණක්ද එකතු වී ඇත.

අප‍්‍රිකානු ක‍්‍රිඩිකාවක් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී ගියේය.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent