- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ සටන් විරාම ගිවිසුම හේතුවෙන් ජුනි 27 වන විට බ්‍රෙන්ට් (Brent) සහ ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් මිලෙහි සැලකිය යුතු පහළ යාමක් සිදුවී තිබේ.
මෙම වාර්තාවේ සඳහන් වන පරිදි, ජුනි 23 වන දින ඇමරිකානු ඩොලර් 78.60 ක් ලෙස සටහන් වූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල, සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ජුනි 27 වන දින වන විට ඇමරිකානු ඩොලර් 68.10 දක්වා ඩොලර් 10.50 කින් පහළ ගොස් ඇත.
එමෙන්ම, ජුනි 23 වන දින ඇමරිකානු ඩොලර් 75.45 ක් ලෙස පැවති ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල, ජුනි 27 වන දින වන විට ඇමරිකානු ඩොලර් 65.62 දක්වා ඩොලර් 9.83 කින් පහත වැටී තිබේ.
මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ, ජුනි 23 සිට 27 දක්වා කාලය තුළ ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති ගැටුම් හේතුවෙන් බොරතෙල් සැපයුමට බාධා වේ යැයි පැවති අවිනිශ්චිතතාවය, සටන් විරාමයත් සමඟ සමනය වීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුව බවයි.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago