- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
රුපියල් මිලියන 98ක අයථා වත්කම් උපයා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරු සඳහන් කළේ සියසේවාදායකයින් වරද පිලිනොගන්නා බවයි.
එමෙන්ම පලමු වන විත්තිකරු වන කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් විශේෂ විත්තිවාචිකයක් ඉදිරිපත් කරන බවද ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ ඊයේ නඩුව කැඳවු අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකළේය. නඩුවේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් 10 දක්වා කල්තැබු මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරිමට පෙර පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු අවශ්‍ය ලේඛන නිසියාකාරව ලබා දී ඇත්දැයි සොයා බැලීම සඳහා එදින නඩුව කැඳවන බවයි.
ඒ අවශ්‍ය ලේඛන මොනවාදැයි සඳහන් වාර්තාවක් සතියක කාලයක් ඇතුලත අධිකරණයට ලබා දෙන ලෙසද විනිසුරුවරිය විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළාය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවට පාදකව කෙහෙලිය රඹුක්වැල්ලගේ අත්සන් 1000කට ආසන්න ප්‍රමාණයක් එනම් බැංකු ගිනුම්, වල සඳහන් ලේඛන ඇතුළු සියලු ලේඛන වල ඇති අත්සන් සම්බන්ධයෙන් රස පරික්ශක වාර්තාවක් කැඳවා ඇති බවයි. එහිදී විනිසුරුවරිය පෙන්වා දුන්නේ එකී රසපරික්ශක වාර්තා නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බැවින් ඒවා ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවන්නේදැයි තම අධිකරණයට දැනුම් දෙන ලෙස යි.
එහිදී පලමුවන විත්තිකාර කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ මෙම විමර්ශනයේදී තව සේවාදායකයා විසින් අල්ලස් කොමිසමට ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ වල පිටපත්ද තමන්ට ලබා දෙන ලෙසයි. ඒ අනුව ඒවා ලබා දෙන ලෙස විනිසුරුවරිය අල්ලස් කොමිසමට නියෝග කළාය.
පසුගිය නඩුවාරයේදි කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ අය ඒ රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරිණි. ඊට අමතරව විදෙස් ගමන් තහනමන් ද පැනවු අතර ඇඟිලි සලකුනු ලබා ගැනීමට ද නියෝග කළාය. ඊට අමතරව පෙර වැරදි වාර්තාවක් ද කැඳවන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.
චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම සඳහන් කර යි.
ඊයේ නඩුවකැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී , දියනියන් වන අමාලි රඹුක්වැල්ල , නයනිකා රඹුක්වැල්ල , චන්දුලා රඹුක්වැල්ල සහ බැනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය හට අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇත.
Note: We do not share your email for posting a comment.
Nadee | 19 hours ago
Nadee | 19 hours ago
Nadee | 21 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
ANadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 2 days ago
Nadee | 2 days ago