- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව අදාළ සැකකරු ලබන 25 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළාය.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එය විශේෂ කරුණක් සේ සලකා සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.
මෙම සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බැවින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 25 වන දක්වා තවදුරට
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 1 day ago
Akila Nadee | 1 day ago
Akila Nadee | 4 days ago
Akila Nadee | 5 days ago
Akila Nadee | 1 week ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago