- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0029VbBQ6C877
ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රිඩකයකු ඇතුළු පිරිස විසින් වගා ව්‍යාපෘති සඳහා තැන්පතු භාර ගනු ලබන්නේ සූක්ෂම ලෙස මූල්‍ය පනත්වල මූලික ලක්ෂණවලින් බැහැරට ගොස් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම වගා ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන බව අනාවරණය වේ.
අදාළ ක්‍රිකට් ක්‍රිඩකයාගේ වගා ව්‍යාපෘතිය සඳහා ජනතාව විශාල ලෙස මුදල් ආයෝජනය කරන බවත මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය. මෙම වගා ව්‍යාපෘති ක්‍රමය පිරමීඩ ක්‍රමයක් නොවන බවද ඔහු පැවසීය.
පිරමීඩාකාර යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙරේදා (08) පැවැති මාධ්‍ය වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය විය.
මෙම ව්‍යාපාර කටයුතු කරන පිරිස සූක්ෂම ලෙස මූල්‍ය පනත් අධ්‍යයනය කරමින්, ඒවායෙහි මූලික ලක්ෂණවලින් බැහැරට ගොස් සිය ව්‍යාපාර පවත්වාගෙන යන බවද මහ බැංකුව කියයි.
කෘෂිකර්මය සහ අධ්‍යාපන ව්‍යාපෘති මුල් කරගෙන අනවසර තැන්පතු භාර ගැනීමේ වැඩසටහන් මේ දිනවල වැඩි වශයෙන් ක්‍රියාත්මක බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
යම් ආයතනයක ජනතාව මුදල් තැන්පත් කිරීමේදී ජනතාව විචක්ෂණශීලී විය යුතු බවත්, නීතියෙන් පිටතට ගොස් පෙන්වන ව්‍යාපෘති මගින් ජනතාව ආකර්ෂණය කර ගැනීමට විශාල ප්‍රතිලාභ පෙන්නුම් කරන බවත්, එම ව්‍යාපෘති නීත්‍යානුකූල නොවන බව ඉන් සැකයක් උපදවන බවත් මහ බැංකුව පවසයි.
මාධ්‍යවේදියා – මේ වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එවිට ජනතාව ඒ පිළිබඳව වැඩි විශ්වාසයක් තබනවා නේද?
ශ්‍රී ලංකා මහ බැංකුව – අනිවාර්යයෙන්. පිරමීඩාකාර ක්‍රමවලත් ඔය තත්ත්වය දක්නට ලැබෙනවා. ගමේ ග්‍රාම සේවක, හාමුදුරුවෝ, පොලිසියේ නිලධාරීන් සහභාගි කරගෙන තමයි මේ වැඩවලට මූලික කරගන්නේ. මෙම තැන්පතු නීත්‍යානුකූල නොවන තැන්පතු යටතට නොවැටෙන ලෙස සූක්ෂම ලෙස කරද්දී එය රටේ සාමාන්‍ය නීතිය යටතට යනවා. සමහරු ඉඩමේ හතර මායිම්වත් නොබලා මුදල් ආයෝජනය කරනවා. එකම පර්චස් දහය දස දෙනෙකුට විකුණලා තියෙන්න පුළුවන්.
අනුරාධපුර ප්‍රදේශයේ තිබුණා තේක්ක වවන ව්‍යාපෘතියක්. ඉඩමක්වත් නැතිව ජනතාව මුදල් ආයෝජනය කරලා තිබුණා. කොළඹ මිනිස්සු අනුරාධපුරට නොයා අදාළ වගා ව්‍යාපෘතියට සල්ලි දාලා තිබුණා. ක්‍රිකටර් නොවෙයි කවුරු හිටියත් තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි සම්බන්ධව තමන්ට වගකීමක් තිබෙනවා.
මේවා ගැන මහ බැංකුවට සමහරු දොස් කියනවා. මහ බැංකුව නිදි. කටයුතු කරන්නේ නෑ කියලා. මහ බැංකුවට පැවරුණු නීතියක්, රාජකාරියක් තිබෙනවා. එතැනින් එහාට ගිහින් කරන්න බෑ. අපිට අත පුච්චගන්න බෑ. පොදු නීතිය ක්‍රියාත්මක කරගන්න ඕනේ පොලිසියයි.
රට ආර්ථික අර්බුදයකට ලක්වූ අවස්ථාව්දී, ජනතාවගේ ආර්ථික තත්ත්වන් කඩා වැටීමත් සමග පසුගිය වසර තුන හතර තුළදී පිරමීඩාකාර ජාවාරම්වලට ජනතාව වැඩි වශයෙන් යොමුවූ බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
“මීට හේතුව රටේ තිබුණු ආර්ථික ව්‍යසනය. උද්ධමනය වැඩි වුණා. ජනතාවට ජීවත් වෙන්න විදිහක් නෑ. තිබෙන සල්ලි ටික වැඩි කරගන්න කියලා මේ වගේ මූල්‍ය ව්‍යාපාර සමග ජනතාව සම්බන්ධ වුණේ. පසුගිය වසර තුන ඇතුළත මෙය නරක තත්ත්වයකට පත්වුණා’’ යැයි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක කියා සිටියාය.
මාධ්‍යවේදියා – ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දැනුවත් කිරීම පමණයි සිදුවන්නේ. හැබැයි එක හොරෙක්ව අල්ලලා නීතිය හදාගත්තොත් මිනිස්සු මීට වඩා හිතන්න ගන්නවා.
ශ්‍රී ලංකා මහ බැංකුව – නීති පොතෙන් එළියට ගිහිල්ලා මෙයා වැරැදියි කියලා කියන්න බලයක් අපිට නෑ. පනතක් සංශෝධනය කළත් ඒ බලය අපිට ලැබෙන්නේ නෑ.
මහ බැංකුවට ඔක්කොම කරන්න බෑ. පොලිසියේ රාජකාරි අපිට ගන්න බෑ.
සාලිය කුමාර ගුණසේකර
– Aruna
Note: We do not share your email for posting a comment.
Admin | 5 days ago
Admin | 5 days ago
Admin | 1 week ago
Admin jnjkn | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago
Admin | 1 week ago