- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
භාරත දේශයේ උතුම් වූ රාම් දෙවිඳුගේ සත්‍යය ප්‍රේමය සහ කරුණාව පිළිබඳව, ශ්‍රී ලාංකේය ජනතාව දැනුවත් කිරීමටත් , උතුම් වූ රාම් දෙවිඳුගේ සත්‍යය, ප්‍රේමය සහ කරුණාව මෙරට වෙසෙන සකල ජනතාව තුළ පැතිරවීමටත් , උතුම් වූ රාම් දෙවිඳු කතාවේ ප්‍රකාශකයෙකු සහ අධ්‍යාත්මික මඟ පෙන්වන්නෙකු වූ ,භාරත දේශයේ පූජ්‍ය මොරාරි බාපු තුමන් පසුගිය නොවැම්බර් 02 දා මීගමුව ප්‍රදේශයේදී විශේෂ අධ්‍යාත්මික වැඩසටහනකට සහභාගි විය.
මීගමුව, ඒත්තුකාල, " ගෝල්ඩි සෑන්ඩ්" හෝටල් එළිමහන් පරිශ්‍රයේ පැවැති එම විශේෂ අධ්‍යාත්මික වැඩසටහන සඳහා මෙරට බැතිමතුන් සහ උතුම් වූ රාම් දෙවිඳු කතා පුවත පිළිබඳව උනන්දුවක් දක්වන රසවතුන් රැසක් ද එක්ව සිටි අතර උතුම් වු රාම් දෙවිඳු චරිතය පිළිබඳව ඔවුන්ගේ සිත් තුළ සැබෑ ගෞරවයක් සහ ආශ්වාදයක් ඇති කිරීමට මෙම විශේෂිත අධ්‍යාත්මික වැඩසටහන හේතු විය. මෙම සුවිශේෂී අධ්‍යාත්මික වැඩසටහන සමඟින්ම ඓතිහාසික " රාම් යාත්‍රා " ( RAM YATHRA ) වැඩසටහනෙහි ශ්‍රී ලාංකීය සමාරම්භය ද එම අවස්ථාවේදීම සනිටුහන් විය..
රාමේෂ්වර් හිදී කතා පුවත් තුළින් පැවසෙන පරිදි උතුම් වූ රාම දෙවිඳුන් මහා සයුර තරණය කිරීමට පෙරාතුව උතුම් වූ ශිව දෙවිඳුන් නමස්කාර කර ඇති බව විශ්වාස කරමින් පූජ්‍ය මොරාරි බාපු තුමන් ඇතුළු ඔහුගේ බැතිමතුන් පිරිසද මහා සයුර තරණය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ උතුම් වූ රාම් දෙවිඳුන්ගේ ශ්‍රී ලාංකේය ගමන නැවත නැවතත් අතිපූජනීයත්වයට පත් කලහ.
එදින මීගමුවේ, ඒත්තුකාල
" "ගෝල්ඩි සෑන්ඩ්" හෝටල් එළිමහන් පරිශ්‍රයේ පැවති මෙම වැඩසටහනේදී මෙරට මෙන්ම ලොව පුරා බැතිමතුන් යාඥා කරමින් සංගීතය සමඟින් උතුම් වූ රාම දෙවිඳුන් වන්දනාමාන කරන ලද අතර පූජ්‍ය මොරාරි බාපු තුමන් විසින් " මල් " ලෙස හඳුන්වනු ලබන සිය අනුගාමිකයන් 400 කට අධික පිරිසක් භාරත දේශයේ සිට මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. ඒ අනුව එම සුවිශේෂී සිදුවීම උතුම් වූ රාම දෙවිඳුන්ගේ ලංකා ගමන නැවත නැවතත් සිහිපත් කරනු ලබයි.
එදින මීගමුවේ පවත්වනු ලැබූ මෙම අධ්‍යාත්මික වැඩසටහන පූජ්‍ය මොරාරි බාපු තුමන් විසින් අඛණ්ඩව පවත්වනු ලබන උතුම් වූ රාම දෙවිඳුගේ කතා පුවතේ තවත් එක් විශේෂිත සන්ධිස්ථානයක් ලෙසද හැඳින්විය හැකිය. එලෙසම රාම යත්‍රා වැඩසටහනේ ඉතිහාසය සිහිගන්වීමේ චාරිත්‍රයක් ලෙසද සඳහන් කළ හැකිය. උතුම් වූ රාම දෙවිඳුන් පිටුවහල් කිරීමේ අවස්ථාව, ලංකා ගමන, සහ අයෝධ්‍යාවට නැවත පැමිණීම, වැනි සුවිශේෂී අවස්ථාවන් ඉස්මතු කරමින් උතුම් වූ රාම් දෙවිඳුගේ සැබෑ කතා පුවත බැතිමතුන් හමුවට ගෙන ඒමට පූජ්‍ය මොරාරි බාපු තුමන් මෙම විශේෂිත වැඩසටහන තුළින් කටයුතු කරනු ලැබීය
ඒ අනුව රාමයාත්‍රා මෙම වැඩසටහන තුළින් විශේෂයෙන්ම උතුම් වූ රාම දෙවිඳුන්ගේ චරිතය තුළ විද්‍යාමාන වන සත්‍යය, ප්‍රේමය, කරුණාව යන උතුම් වූ ගුණාංග සහ සැබෑ වටිනාකම් ප්‍රමුඛ කොට ගනිමින් ඉදිරිපත් කළ අතර එම ගුණාංග සහ සැබෑ වටිනාකම් තුළින් ප්‍රකට වන්නේ මානව සිත් සතන් සුවපත් කිරීමට අධ්‍යාත්මික සුවය ඉහළ නැංවීමටත් පූජ්‍ය මොරාරි බාපු තුමන් තුළ ඇති උතුම් වූ කැපවීමයි.
1946 වසරේ මහා ශිව රාත්‍රී දිනයේ උපන් පූජ්‍ය මොරාරි බාපු තුමන් , උතුම් වූ රාම දෙවිඳුන්ගේ මෙම කතා පුවත ඉදිරිපත් කිරීමට මුල පුරා ඇත්තේ වයස අවුරුදු 14 දීය. භාරත, ගුජරාටයේ විසල් තුරු සෙවණක පහස ලබමින් මෙම අධ්‍යාත්මික ගමන ආරම්භ කළ පූජ්‍ය මොරාරි බාපු තුමන් මේ වන විට දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව , කෙන්යාව , එංගලන්තය , ඇමෙරිකාව, බ්‍රසීලය ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය සහ ජපානය ඇතුළු රටවල් ගණනාවක මෙන්ම ඉන්දියාව පුරා ද මේ වන විට උතුම් වූ රාම් දෙවිඳුගේ කතා පුවත පිළිබඳ වැඩසටහන් 950 කට අධික ප්‍රමාණයක් පවත්වමින් මිලියන ගණනක අනුගාමිකයින් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබීම සුවිශේෂී කරුණක් ලෙසද සඳහන් කළ හැකිය.
එලෙසම මෙදින මීගමුව, ඒත්තුකාල , " ගෝල්ඩි සෑනඩ් " හෝටල් එළිමහන් පරිශ්‍රයේදී පැවති මෙම අධ්‍යාත්මික වැඩසටහන සඳහාද අනුගාමිකයින් විශාල පිරිසක් මහත් උද්යෝගයෙන් සහ බැතියෙන් යුතුව සහභාගි වූ ආකාරය දැකගත හැකි විය.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 4 weeks ago
Akila Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago
Nadee | 1 month ago