- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
ඇල්ල දෙමෝදර පිහිටි සුප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලම, දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව ක්‍රියාත්මක කරන ලද උරුම ස්මාරක ආලෝකකරණ ව්‍යාපෘතියක් යටතේ ආලෝකමත් කර ඇත.
ඒ යටතේ එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.
“මේක වැඩිදියුණු කරලා සංචාරක ආකර්ෂණය වැඩි කළාට පස්සේ මෙම ස්ථානය නැරඹීමට යෑමේදී යම් මුදලක් ගෙවීමට සිදුවෙයි. දේශීය සංචාරකයින් සඳහා අවම මුදලක් අය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.”
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඉදිකරන ලද වසර 104 ක් පැරණි මෙම පාලම, දිගු කලක් දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගෙන ඇත. නව ආලෝකකරණ පද්ධතිය එහි ඓතිහාසික භාවය ආරක්ෂා කරමින් එහි රාත්‍රී කාලයේ ආකර්ෂණය වැඩි දියුණු කරයි.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 7 hours ago
Nadee | 7 hours ago
Nadee | 7 hours ago
Nadee | 7 hours ago
ANadee | 7 hours ago
Nadee | 11 hours ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 day ago
Nadee | 1 week ago