- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ඊයේ (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ සටහනේ තුන් වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.
නවතම වර්ගීකරණයට අනුව රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටියි.
මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ටය.
දෙවැනි ස්ථානයේ පසුවන ඇන්ඩර්සන් පීටර්ස් (ලකුණු 1,326) සහ රුමේෂ් තරංග අතර ඇත්තේ ලකුණු 2ක ඉතා සුළු පරතරයක් වීම විශේෂත්වයකි.
ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ඔලිම්පික් රන් පදක්කම් ලාභී ක්‍රීඩකයන් දෙදෙනෙකුම අභිබවා යාමට රුමේෂ් තරංගට මෙහිදී හැකියාව ලැබී ඇත.
ඒ අනුව ලෝක ප්‍රකට ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා මෙම ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ පසුවන අතර, පාකිස්තානයේ අර්ශාද් නදීම් පසුවන්නේ 10 වැනි ස්ථානයේය.
රුමේෂ් තරංග මෙම සුවිශේෂී දක්ෂතාව කරා ළඟා වූයේ පසුගියදා ඉතාලියේ රෝම නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසිකරමින් දක්වූ දස්කම නිසාය . එම තරගයේදී ඔහු නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට ඔහු සමත් විය.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 11 hours ago
Akila Nadee | 11 hours ago
Akila Nadee | 11 hours ago
Akila Nadee | 11 hours ago
Akila Nadee | 12 hours ago
Akila Nadee | 12 hours ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 3 months ago
Akila Nadee | 3 months ago
Akila Nadee | 3 months ago
Akila Nadee | 3 months ago